ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් උද්ඝෝෂණයක් සහ පාගමනක් අද (16) දින හැටන් නගරයේදි පැවැත්වුුුණා.
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය අද (16) දිනට යෙදෙන අතර ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය විසින් මෙම උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබුණ අතර මෙම උද්ඝෝෂණයට සහ පාගමනට විශාල පිරිසක් සහභාගි වි සිටියා.
හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි උද්ඝෝෂණය පවත්වා , ඉන් අනතුරුව එම වෘත්තිය සමිති සමාජිකයන් හැටන් නගරය දක්වා පාගමනකින් පැමිණි අතර ‘ගෘහස්ථ කම්කරුවන්ද කම්කරුවන්ය, ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් ීතිගත කරනු , ඉෂාලිනිට සහ රාජ්කුමාරිිට යුක්තිය , ගෘහ සේවිකා රාජ්කුමාරි ඝාතනය හෙලි කරනු’ යන කරුණු මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සහ පාගමන පැවැත්වුුුණා.
වසර ගණනාවක් තිස්සේ ගෘහ සේවිකාවන් හට යහපත් රැකියා කොන්දේසි මත කම්කරු නිති පද්ධතියක් ඉල්ලා සටන් කලද මේ වන තුරු එය ඉටු කර නොමැති බවත්, ගමෙන් නගරයට යන ගෘහ සේවකයන් විවිධාකාර පිඩාවන්ට මුහුණ දෙමින් සිටින බවත්, අවසානයේ ඔවුන්ගේ ජිවිතයෙන් පවා වන්දි ගෙවිමේ තත්ත්වයකට පත් වි ඇති බවයි ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ උප සභාපතිනි කේ.මයිදිලි මහත්මිය කියා සිටියේ.