බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983ක් ලෙසයි සඳහන් වන්නේ.
ඔහුගේ එක්දින තරගවලදී ශතක තුනක් රැස් කර ඇති අතර ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118ක්.
නිකලස් පූරන් 20යි 20 තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 2275ක් ලෙසයි වාර්තා වන්නේ. 20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 98ක් ලෙසයි.