හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිල නිවස තුළ නාන කාමරයේ අභිරහස් ලෙස මියගොස් ඇති බව වටවල පොලිසිය පවසනවා.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනවකි රිටෝ අමින් නමැති 45 හැවිරිදි අයෙකි.
ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා අද(25) උදෑසන සේවයට වාර්තා කිරීම සඳහා අවදි නොවීම නිසා එම නිල නිවසේ සේවයේ නියුතු කෝකියා සහකාර වතු අධිකාරිවරයාගේ නිදන කාමරයට ගොස් පරීක්‍ෂා කර බලා තිබෙනවා.
එහි සහකාර වතු අධිකාරිවරයා වැටී කතා නොකර සිටීම හේතුවෙන් කෝකියා විසින් නිල නිවාසයේ මුරකරු දැනුවත් කර එම වතු යායේ වතු අධිකාරිවරයා මගින් වටවල පොලිසිය දැනුවත් කර තිබෙනවා.
නාන කාමරය තුළදී ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලිස්සා වැටී හිස බිත්තියක ගැටී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
නිල නිවස තුළදී අභිරහස් ලෙස මියගිය ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයාගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්‍ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.