නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවා.
මිය යන විට ඇය රෝගී තත්ත්වයෙන් පසු වූවා.
පිටපත් රචිකාවක ලෙස රජරට සේවයට සම්බන්ධවූ ඇය “විවරණ” විකල්ප සඟරාව ආරම්භ කිරීමට මූලිකවූ අතර “ධරණී” “ශක්ති තීරු පුවත්පත”, “මාධ්‍ය නිරීක්‍ෂක”, “සාමකාලී” සහ “ඇය” යන කාන්තා සඟරා සහ “සංකලන” නම් සංස්කෘතික සඟරාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කළා.
“යුක්තිය” පුවත්පතේ ආරම්භක සාමාජිකාවක වූ ඇය එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, ජ්‍යෙෂ්ඨ විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කර තිබෙනවා.
මෙයට අමතරව “යංග් ඒෂියා” ටෙලිවිෂන් ආයතනයේ මුද්‍රිත අංශයේ සංස්කාරිකාව ලෙස හා විභවි විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන රැසකට ස්වේච්ඡාවෙන් දායකත්වය දක්වා තිබෙනවා.