වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 31ක් අවධානම් මට්ටමට ලඟාවී ඇතැයි ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඉන් ජල සම්පාදන ක්‍රම 25ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවේ.
ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන්, ඉංගිරිය, නිවිතිගල, පැල්මඩුල්ල, නාරම්මල හා ඌරුබොක්ක ඇතුලු ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බව සඳහන්.
මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව කළමණාකරනය කරමින් ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළා.