ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බවයි.
කෙසේ නමුත් මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත් සූරියබණ්ඩාර මහතා සඳහන් කරනවා.
මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව ඉදිරියේදී වර්ෂාව ලැබීමේ හැකියාවක් පවතින බැවින් මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින කාර්යාල පැය 24 ම විවෘත කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවත් ඒ මහතා පවසනවා.










