කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.
පවතින අධික වියළි කාලගුණයත් සමග අද උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස තිබෙනවා.
ජලාශයන්හි ජල මට්ටම සිඝ්රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.