ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම හමුවට සහභාගී වී සිටියා.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම මෙහිදී නැවත තහවුරු කෙරුණා.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම සම්බන්ධයෙන් ජර්මානු තානාපතිවරයා ගරු කථානායකවරයාට සිය කෘතඥතාව පළ කළ අතර, එය දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් බව සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සිදු කළ නිල සංචාරය පිළිබඳව ද ඔහු සිහිපත් කළ අතර එය අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය සඳහා වැදගත් වූ ඵලදායි සංචාරයක් බව පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය අගය කරමින් තානාපතිවරයා යහපාලනය සහ දූෂණ විරෝධී කටයුතු සඳහා රජය ගෙන යන අඛණ්ඩ උත්සාහයන් ඇගයීමට ලක් කළා.