ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා – පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙසයි ඔවුන් මෙම තරග සංචාරය සදහා එක්වන්නේ.
අගෝස්තු මස 2 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය විස්සයි 20 තරග 7කින් සමන්විතයි.
ඉන් තරග 5ක් මග්ගොනදී ද, තරග 2ක් කොළඹදී ද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ .
මේ සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය නැගීඑන හා 19න් පහළ ක්‍රීඩකයින්ගේ එකතුවකින් නම් කිරීමට නියමිතව ඇති බවද සඳහන්.