ජපාන ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා පවසනවා.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ජපාන ව්‍යාපාරික මණ්ඩලයේ 46 වන වාර්ෂික හමුව කොළඹ දී පැවැත්වුණා.
ඒ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතාගේ ප්‍රදානත්වයෙන්.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතා ශක්තිමත් හා සාර්ථක ගමනක නිරත වන බව තානාපතිවරයා මෙහිදි පැවසුවා.
ශ්‍රී ලංකාව සමග එක්ව මිත්‍රශිලි ගමනක් යාමට ජපානය බලාපොරොත්තුව සිටින බව ද ඒ මහතා පැවසුවා.
දැනටමත් ශ්‍රී ලාංකිකයන් 65,000කට වැඩි පිරිසක් රැකියා සහ අධ්‍යාපන කටයුතුවල නිරත වනවා.