ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නව රජය පත්වීමත් සමග විවිධ ක්ෂේත්‍රවලට දේශපාලනමය මැදිහත්වීමක් සිදුනොවීම හේතුවෙන් දියුණු රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ