ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මේ වන විට ඔවුන් එම දූපතෙන් ඉවත් කර ඇති බවයි ටොෂිමා ගම්මානයේ නිලධාරීන් පවසා ඇත්තේ
මේ අතර නේපාලයට අද උදෑසන පෙ.ව. 8.21ට පමණ සුලු භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එය රික්ටර් මාපකයේ 3.5ක් ලෙස වාර්තා වූ බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සදහන් කලේ.
මෙම භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නැහැ.