ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බවයි එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ප්‍රකාශ කළේ.
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවන IM Japan ආයතයේ සභාපති කිමුරා හිසයොෂි හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ යන මහත්වරුන් ඊයේ කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් හමුවූ අතර, එහිදී සේනානායක මහතා මේ අදහස් පවසා තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, සාත්තු සේවා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව IM Japan ආයතනයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පුහුණු සංචිතයක් පවත්වාගෙන යාම සුදුසු බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) සඳහා කුසලතා පරීක්ෂණයට අදාළ ඉගැන්වීමේ කටයුතු කාර්යාංශය හරහා සිදුකිරීමට IM Japan ආයතනයේ සහාය ලබාදීමටද කිමුරා මහතා මෙහිදී එකඟතාවය පළකර තිබෙන බවයි සඳහන් වන්නේ.