ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ ජපානයේ ඔනගාවා වෙරල තීරයේ සිට සැතපුම් 39 ක් දුරින් රික්ටර් මාපකයේ ඒකක 5.5 ක භූ කම්පනයක් සිදුව ඇති බවයි.
අනෙක් භූ කම්පනය සිදු වී ඇත්තේ ටෝකියෝ වෙරළ තීරයේ සිට සැතපුම් 38 ක් පමණ දුරින්.
එම භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 5 ක් බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














