අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද 15%ක් දක්වා අඩුකර ඇත.
අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා මෙම බද්ද අඩුකර ඇත.
මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බව “Truth Social” ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත.
මෙමගින් ඇමෙරිකාවට යහපත් කාලයක් උදාවන අතර ජපානය සමඟ ඇති සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට ද හේතුවක් වන බව ට්‍රම්ප් අවධාරණය කර ඇත.