දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජපානයේදී පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ අතර ජපානයේ සංචාරයේ නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය යොශිෆුමි මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ, එම අමාත්‍යංශයේ දීයි.
එහි දී මෙරට තුල පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ