ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතුරතුර ඇති වූ සිද්ධියෙන් රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු 61 හැවිරිදි පුද්ගලයෙක් බව සදහන්.
කදු`ඵ ගෑස් උණ්ඩයක් මුහුණ මත වැදීමෙන් සිදු වූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බල කරමින් ජාතික ජන බලවේගය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
එම විරෝධතාව අතරතුර දී 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක ටිල්වින් සිල්වා මහතා සදහන් කළේ මෙම මරණය සම්බන්ධ වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවයි.