ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ලෝක ජනාවාස දිනයට සමගාමීවයි.
එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 1 වැනි දා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
“ තමන්ටම නිවසක් – ලස්සන ජිවිතයක්“ මෙවර ජනාවාස සතියේ තේමාව බවත් තමාටම අයත් නිවසක් හිමිකර දීම මෙම වැඩසටහනේ අරමුණ බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසුවා.