ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව දැනුම් දී තිබුණා.
එහිදී ජනාධිපතිවරයා වැඩදුරටත් පවසා ඇත්තේ ආයෝජන, ඩිජිටල්කරණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ කලාපීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන වසර තුනක හවුල්කාරිත්වයක් පිළිබඳව එහිදී ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සමඟ සාකච්ඡා කළ බවයි.