ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මිය අතර හමුවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා .
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වු අතර වියට්නාමයේ සහාය ඇතිව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි සඳහන් වන්නේ .
කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර පිළිබඳව සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බවද මෙහිදී තානාපතිවරිය සඳහන් කර සිටියා .
එසේම වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව තුළ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බව සඳහන් .