Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩය

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩය

    2024-05-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය පහතින්.

    ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු.

    රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව තිබේ.

    පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාවයි. නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි.

    අප සියලුදෙනා එක්ව සිදු කරන එම අසීමිත කැපවීමේ ප්‍රතිඵල අද රට හමුවේ දක්නට තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළට ගෙන ඒමටත්, රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයන්ය.

    කම්කරු ජනතාව තවදුරටත් දිළිදු ජනතාව ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන අතර අරගලයකින් තොරවම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් ඔවුන් නගාසිටුවීම වෙනුවෙන් ද පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවත් සිහිපත් කළ යුතුය.
    එමෙන්ම ආර්ථික ගැටළු හමුවේ වුවද රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ හා සමගාමීව පෞද්ගලික අංශය ද සිය උපරිම දායකත්වය ලබා දී තිබේ.

    සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගනිමුයි සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරමින් රට ඉහළට ඔසවා තැබීමට සියලුදෙනා එක්වන, ස්වකීය අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයකට සුභාශිංසන එක් කරමි.

    රනිල් වික්‍රමසිංහ,
    ජනාධිපති,
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

    ආශ්‍රීත පුවත්:  මාලදිවයින් ආරක්ෂක අංශ භාරයටගත් ධීවර යාත්‍රාව සම්බන්දයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්
    president Ranil Sri Lanka
    පෙර පුව​තදොලවත්ත පොහොට්ටුවෙන් එජාපයට? මාධ්‍යවේදියාට සැර පිළිතුරක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත සිමෙන්ති මිල පහළට

    සබැ​ඳි පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group