ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද ජපානය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.
ඔහු අද සිට ලබන 27 වන දා දක්වා ජපානය තුළ රැඳී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එම නිල සංචාරයේදී ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිංගප්පූරුව වෙත පිටත්ව ගිය අතර ඔහු එහිදි සිංගප්පූරු රජයේ නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතු`ඵ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.