ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායමයි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ.
තවත් නිරීක්ෂකයින් පිරිසක් ඉදිරි සතියේදී දිවයිනට පැමිණිමට නියමිතයි.
මේ අතර පොදු රාජ්ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා දිවයිට පැමිණ තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතයි.