ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කලේ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීමට අදාළව අනුමැතිය ලබා දී ඇති බවයි.
පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් සඳහාද අදාළ අනුමැතිය ලබා දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා මෙම නිරීක්ෂකයන් වරින්වර පැමිණීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කලේ.
අනෙකුත් සංවිධානවල මැතිවරණ නිරීක්ෂකයන්ද ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉදිරි සති දෙක තුළදී ඒ සම්බන්ධ තීරණය ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කලේ.