ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිතරම පවසන්නේ හැප්පිලා බලමු යනුවෙන් බවත් අපිත් සමග හැප්පිලා බලන්න දැන් අවශ්‍ය නොමැති බවත් හැප්පෙන්න දැන් ගොඩක් දේවල් රටේ ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානයක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙ පුටුව ලකුණ යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද සභිකයන්ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස කියා සිටියා.
“ජනාධිපතිතුමා කොයි වෙලාවෙත් කියන්නේ හැප්පිලා බලමු…. හැප්පිලා බලන්න දැන් ගොඩක් දේවල් රටේ තියෙනවා… ඒවත් එක්ක හැප්පෙන්න කියන්න…
අපිත් එක්ක හැප්පිලා වැඩක් නෑ. අපි විපක්ෂයේ. මිනිස්සු අපි හප්පා තමයි විපක්ෂයට තල්ලු කරලා දැම්මේ. අපිත් එක්ක හැප්පෙන්න එපා කියන්න ජනාධිපතිතුමාට…
හැප්පෙන්න කියන්න සී.ජී.ආර්. එකත් එක්ක… ලංකා බැංකුවත් එක්ක… තැපෑලත් එක්ක… අන්න දැන්හැප්පෙන්න තැන් තියෙනවා ගොඩක්… ඒ ගොල්ලන් එක්ක හැප්පෙන්න කියන්න.
මං පළමු වැනි දවසේම පොස්පේට් එකට ඇවිත් ඔයට හොරකම අල්ලපු නිසානේ 350 බුෂ් එක 70000යි කියලා මමනේ කිව්වේ…
එතකොට සෝවකයෝ ගිහිල්ලා ඒ නිලධාරියාට පහරදීලා. අන්තිමට මමනේ වැඩ තහනම් කළේ. මොකද වුණේ… මම වැඩ තහනම් කරලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා.
මට විරුද්ධව අත්තනගල්ල උසාවියේ වන්දි නඩුවක් දාලා තියෙනවා. ඉතින් අපි හොරු අල්ලුවානේ. මේ ආණ්ඩුවට එකf හාරෙක්වත් අල්ලන්න බැරි වුණානේ.
අපි ලස්සනට ආයතනයට ගිහිල්ලා හොරු අල්ලලා දීපු හින්දා තමයි පොස්පේට් එකේ දෙන්නෙකුගේ මම වැඩ තහනම් කළේ.
හැබැයි ඒ වැඩතහනම් කරපු දෙන්නා තමයි මට විරුද්ධව නඩු දාලා තියෙන්නේ.
මම පොස්පේට් එක බාරගන්නකොට ඕඩි වෙලා තිබ්බේ… මම පටන් ගන්නකොට ලක්ෂයකට එහා ගත්තා සෝවකයෝ පඩි… අද මුළු එප්පාවලම කියයිනේ…
තඹුත්තෙගම… එප්පාවල කියන්නේ වැඩි දුරක් නෙවෙයිනේ. ජනාධිපතිතුමාගේ ගමේනේ පොස්පේට් එක තියෙන්නේ. පොස්පේට් එකේ මිනිස්සු ගෙනල්ලා අහන්නකෝ පඩි ගත්ත විදිහ.
චාමර සම්පත් කරන කොට ඒ නිසා වැඩි බැරි ටාසන්ලත් එක්ක වැඩ කරන්න බෑ… හැබැයි ලස්සනට මං දන්නවා පිළිවෙළට කරා…
ඒ ගොල්ලෝ විපක්ෂ ඉන්නකොට. දැන් ආණ්ඩුවට ඇවිල්ලා වැඩේ කරන්න තේරෙන්නේ නැතිකම තියනේනේ.