මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බවයි.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919ක්.
ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.