ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(10) රාත්‍රී ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුව මෙම සංචාරය සිදු කෙරෙනවා.
ජනාධිපති අනුර දිසානායක මහතා එම සංචාරයේදී එරට ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගී සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සමග එහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමටද සැලසුම්කර තිබෙනවා.
ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සංචාරයට එක්වීමට නියමිතයි.