ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වුණා.
එහිදි බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම බලශක්ති සංරක්ෂණය පිළිබඳව සහ අඛණ්ඩව බලශක්ති සැපයුම් පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.