ජනපති පොදු සමාව භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් රැසක් නිදහස් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිදු කරන ලද විමර්ශනවලදීද ඒ සම්බන්ධයෙන් අනාවරණ වී ඇති බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඒසේම ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීද තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව රැඳවියන් 250කට ආසන්න සංඛ්‍යාවක් අවස්ථා තුනකදී නිදහස් කර ඇති බවටයි වාර්තා වන්නේ.
නත්තල් දිනය, නිදහස් දිනය සහ වෙසක් සැමරුමට සමගාමීව අදාළ රැඳවියන් නිදහස් කර ඇති බවටයි පොලිසිය පවසන්නේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අනුමැතිය සඳහා ජනාධිපතිවරයා ලේඛන යොමු කරන දිනයත් රැඳවියන්ට නිදහස ලබාදෙන දිනයත් අතර කාලයේදී ජනපති පොදු සමාව ලබාදිය හැකි කොන්දේසි සපුරා ඇති බව පවසමින් එම පිරිසට නිදහස ලබාදී ඇති බවයි.