වත්මන් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන කිසිදු බේදයකින් තොරව ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබුණත් එයට දේශපාලන අතගැසීම් මේවන විට සිදුව ඇති බව මැදවච්චිය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද්(14) දින මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.
පසුගියදා ඒ පිළිබඳ ග්‍රාම නිලධාරින් විසින් ප්‍රකාශයක් කර ඇති බවත් දේශපාලන අත ගැසීම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන් හට මෙම සහන ලබා දීමට අවශ්‍ය සහය විපක්ෂ කණ්ඩායම විදියට ඔවුන් සියලුදෙනා ලබා දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කියා සිටියා.
මේවන විට ජනාධිපතිවරයා විසින් පීඩාවට පත් ජනතාවට ලබා දෙනවායැයි පැවසූ සහන පැකේජ් ජනතාවට ප්‍රකාශ කළ පරිදි ලබාදීමට කටයුතු කළයුතු බවත් එයත් පාර්ලිමේන්තුවේ බොරු කියනවා වාගේ නොවේවායී ප්‍රාර්ථනා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඒ අනුව තහඩු කෑල්ලේ සිට ජනතාවට සහන ලබාදීම් කඩිනමින් සිදුකරන ලෙසද ඒ මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටියා.
එමෙන්ම මාලිමාව පරාජය වූ මැදවච්චිය ප්‍රාදේශීය සභා අය වැයේද පීඩාවට පත් ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොතිබීම පොදු විපක්ෂය විසින් එය පරාජය කිරීමට මුලික හේතුව වූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.













