ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා .
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ රැස්වීමට එක් වෙමින්.
ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වූනා.
අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් එය අනිවාර්යෙන්ම පවත්වන බවයි රනිල් වික්රමසිංහ මහතා සදහන් කලේ.
ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.