ජනපතිගේ රාමසාන් පණිවිඩය
ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිවය. ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී තිබේ.
උපවාස සමයෙන් පසු මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියකය. ගෙවුණු දුෂ්කර කාලසීමන්හි දී පවා, ඔවුහු ආගමානුකූලව උපවාසයේ යෙදෙමින් තමන්ටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කළහ.
පරිත්‍යාගය, ආත්ම දමනය සහ ඉවසීම ප්‍රධානව රාමසාන් සමය තුළ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් අගයමින් ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා යැයි සුභාශිංසන පිරිනමමි.
රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











