ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී එම නියෝජිතයින් පවසා ඇත්තේ මෙරට මැතිවරණ ක්‍රියාවලියෙහි විනිවිදභාවය හා නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වන අභියෝග ජය ගැනීමට සහාය දෙන බවයි.
මැතිවරණ කටයුතු පාලනය සම්බන්ධ නීතිමය හා මෙහෙයුම් කටයුතු පිළිබඳද එහිදී සාකච්ඡා කර තිබෙනවා.