මැතිවරණ පැමිණිලිවලට අදාළව ඊයේ පෙරවරු 6.00 වනවිට මෙවර මැතිවරණයට පෙනී සිටින අපේක්‍ෂකයන් 55 දෙනකු සහ ආධාරකරුවන් 208 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙම කාලය තුළ වාහන 47ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි එම කොට්ඨාසය පවසනවා.
2025 මාර්තු 03 වැනිදා සිට මැයි 06 වැනිදා පෙරවරු 6.00 දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව මෙම පිරිස හා වාහන අත්අඩංගුවට ගත් බව ද එම කොට්ඨාසය සදහන් කළා.
මෙම කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 476ක් ද මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 128ක් ද ලැබී ඇතැයි ද එම කොට්ඨාසය පවසනවා.