2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසනවා.
එහිදී ප්ලාස්ටික් පැදුරු 1400ක් අඩංගු පාර්සල් 28ක් සහ ඇඳ ඇතිරිලි 1400 අඩංගු පාර්සල් 14ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන්ට බෙදා දීම සඳහා ස්වර්ණපූරි ගම්මානයේ පාළු නිවසක භාණ්ඩ තොගයක් සඟවා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ එම නිවස සෝදිසියට ලක් කරනු ලැබුවා.
මෙම සියලු දේපළ පොලිසිය බාරයට ගෙන ඇති අතර සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.