අය වැය විවාදය අවසන්වූ පසු පළාත් පාලන ඡන්දය පවත් වන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඉල්ලා තිබෙනවා.
ඒ සඳහා සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,ශ්‍රී ලංකා නිදහස් පන්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ඇතූළු පිරිසක් මැතිවරණ කොෂන් සභාව වෙත ගොස් තිබුණා.
මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසූවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීම් කිහිපයක් යොමු කළ බවයි.
එම ඉල්ලීම් අතර අය වැය විවාදය අවසන් වන මාර්තු 26 වැනිදායින් පසු නාම යෝජනා කැඳවන ලෙසත් දැනට නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයින් වෙනුවෙන් තබා ඇති ඇප මුදල් යළි ලැබුණු පසු නව අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව දෙන ලෙසත් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටි බවයි.
වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින්නේ 66ක් බැවින් අය වැය විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවාදය පැවැත්වෙන සෑම දිනකම පාර්ලිමේන්තුවේ සිටිය යුතු නිසා තමුනට පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා සහභාගීවීමේ දුෂ්කරතාවයක් පවතින බව පැහැදිලි කළ බව ද සදහන් කළා.
එසේම පසුගිය නාම යෝජනා භාරදීමේදී එක් පක්ෂයකින් අපේක්ෂකයින් 80,000කට වැඩි පිරිසක් සිටි නිසා ඇප මුදල් ලෙස රුපියල් කෝටි එකහාමාරක් පමණ පක්ෂයකට වැය වූ බැවින් විශාල පක්ෂ අරමුදලක් නැති තම පක්ෂ වලට යළි ඇප මුදල් තැන්පත් කිරීමට අසීරු බව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.