සමාජයේ විවිධ පාර්ශව වලින් එල්ල වූ චෝදනා හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නොසැලී කටයුතු කල බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා .අදාළ වරෙන්තුව නිකුත් කර ඇත්තේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණ විසින්.
හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් හෙට දිනයේ මන්ත්‍රීවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද වාර්තා වනවා.