අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඇතැමුන් විසින් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි ඒ මහතා වදිදුරටත් සදහන් කලේ.
එමෙන්ම කොමිෂන් සභාව පිළිබඳ වැරදි සහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සුදානම් බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සදහන් කලේ.