ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 78 ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 212ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රුතුරාජ් ගායික්වාඩ් පන්දු 54දී ලකුණු 98ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.
පන්දු යැවීමේදී තුෂාර් දේශ්පාන්ඩේ ලකුණු 27ට කඩුළු 4ක් සහ මතීෂ පතිරණ ලකුණු 17ට කඩුලු 2ක් බිඳ හෙළුවා.