දෙදින නිළ සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද(11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එලෙස පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයා හෙට පෙරවරුවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමටත් දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
එසේම ජනාධිපතිවරයා සහ අගමැතිනිය මුණ ගැසීමට චීන විදේශ අමාත්‍යවරයා සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.













