චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩව ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා.
ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව 2020 වසරේ පැවති අගයට සාපේක්ෂව හය ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.
එමගින් කිලෝවොට් බිලියන 3.6ක ධාරිතාව ද ඉක්මවා යාමට හැකි වනු ඇති බවට චීනයේ විශ්වාසයයි.