චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරණන්‍ෘ.
2007 වසරේ සිට 2024 දක්වා විවිධ තනතුරු දරමින් ටැන්ග්, යුවාන් මිලියන 268කට වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගෙන ඇති බවයි අණාවරණය වී ඇත්තේ.
ඔහු තමා සිදු කළ අපරාධ පිළිබඳව පාපොච්චාරණය කර ඇති නිසා මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම වසර දෙකකට අත්හිටුවා තිබෙනවා..
මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, චීන කොමියුනිස්ට් පක්ෂය ඔහුව නෙරපා හැරීමට කටයුතු කර තිබුණා.
ටැන්ග්ගේ විමර්ශනය අසාමාන්‍ය ලෙස වේගවත් වූ අතර හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු සහ ඔහුගේ පූර්වගාමියා වූ, වෙයි ෆෙන්ග්හේ සම්බන්ධයෙන් ද ඒ හා සමානව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














