චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරණන්‍ෘ.
2007 වසරේ සිට 2024 දක්වා විවිධ තනතුරු දරමින් ටැන්ග්, යුවාන් මිලියන 268කට වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගෙන ඇති බවයි අණාවරණය වී ඇත්තේ.
ඔහු තමා සිදු කළ අපරාධ පිළිබඳව පාපොච්චාරණය කර ඇති නිසා මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම වසර දෙකකට අත්හිටුවා තිබෙනවා..
මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, චීන කොමියුනිස්ට් පක්ෂය ඔහුව නෙරපා හැරීමට කටයුතු කර තිබුණා.
ටැන්ග්ගේ විමර්ශනය අසාමාන්‍ය ලෙස වේගවත් වූ අතර හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු සහ ඔහුගේ පූර්වගාමියා වූ, වෙයි ෆෙන්ග්හේ සම්බන්ධයෙන් ද ඒ හා සමානව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමක්
- පළාත් සභා මැතිවරණය ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
- දුම්රිය නියාමක සංගමයෙන් දැනුම්දීමක්
- ජාතික දීපාවලි උත්සවය 2025 හැටන් නගරයේදී
- මත්ද්‍රව්‍ය අරන් නුවරඑළියේ ගිය 31ක් අත්අඩංගුවට
- පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
- මගී අවසර පත්‍රයට පිටින් දුවන්න ගිය බස් රියදුරන් නීතියේ රැහැනට