චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අවුරුදු 03ට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 හෙවත් අමෙරිකානු ඩොලර් 500කට ආසන්න මුදලක් ලබා දීමට චීන රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීන රජය විසින් ලබා දෙන මෙම සහනාධාරය තනි පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් කිරීමටද තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම ප්‍රතිපත්තිය මගින් සෑම වසරකම පවුල් මිලියන 20කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබනු ඇති බවයි එරට රජය අපේක්ෂා කර තිබෙන්නේ.
චීන මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ පසුගිය වසර 07 තුළ අලුත උපන් බිළිඳුන් සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටී ඇති අතර පසුගිය වසර අවසන් වන විට චීනයේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනය මිලියන 310ක් දක්වාද ළඟා වී ඇති බවයි.
ඒ අනුව මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා පසුගිය වසර කිහිපය තුළ එරට පළාත් පාලන ආයතන රැසක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර එම වැඩසටහන් අතර ත්‍යාගශීලි සහ දිරිගැන්වීම් ද ඇතුළත්ව තිබෙන බව සඳහන් කරනවා.