චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය එක්සත් වීමක් සඳහා තායිවානයට බලපෑම් එල්ල කරනු ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාව නිකුත් කළ වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාව මගින් ඒ සම්බන්ධයෙන් අනාවරණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එය සකස් කර ඇත්තේ අමෙරිකානු බුද්ධි අංශ විසින්.
ඊට අමතරව තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාවේ මැදිහත්වීම් වැළැක්වීමට, අමෙරිකාව සහ මිත්‍රශීලී පාර්ශව අතර ගැටුමක් ඇති කිරීමට සහ චීනයේ ඒකාධිපති ක්‍රමයට අනුග්‍රහය දක්වන ඇතැම් සම්මතයන් ශක්තිමත් කිරීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන බව ද අමෙරිකාව චෝදනා කළා.තායිවානය පාලනය කිරීමට චීනය ගන්නා උත්සහයේදී එය සාර්ථක වුවහොත් එහි ප්‍රථිපල ගෝලීය වශයෙන් අත්විඳීමට සිදුවනු ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.
එමෙන්ම චීනය දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප සම්බන්ධයෙන් ජපානයට ද බලපෑම් එල්ල කරනු ඇති බව ද අදාළ බුද්ධි වාර්තාව හරහා අමෙරිකාව අනතුරු අඟවනවා.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට













