චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වයත් සමග එම පළාතේ පුද්ගලයන් එක් ලක්ෂ 10,000ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන 25,800ක රඳවා තැබීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර, ගුවැන්ඩොං පළාතේ නගර තුනක පාසල් වසා දැමීමටද කටයුතු කර තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් යුවාන් මිලියන 140.6ක් හෙවත් ඩොලර් මිලිය 18.8 ඍජු ආර්ථික අලාභයක් සිදුව ඇති බවට එරට බලධාරීන් ඇස්තමේතු ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. 
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට













