චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබුණා.
චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩ්‍රකේ පැසේජ් හී පුවර්ටෝ විලියම්ස් හී මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුනේ..
සුනාමි අවදානම හේතුවෙන් දකුණු චිලියේ මැගලීන්ස් කලාපයේ වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව ඉන් මේ වන විට ඉවත් කිරීමට චිලී ජාතික ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර සේවාව පියවර ගෙන තිබෙනවා.