චිලී රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකිව තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එහිදී කොමියුනිස්ට් හා දක්ෂිණාංෂික අපේක්ෂකයින් ඉදිරියෙන් පසුවන බවයි.
කිසිදු අපේක්ෂයෙකු බහුතර බලයක් හිමිකර නොගැනීම හේතුවෙන් ජනාධිපතිවරණයේ දෙවන වටය දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බවයි චිලී මැතිවරණ කොමිසම නිවේදනය කලේ.
පසුගිය වසර වලදී එරටට සංක්‍රමණිකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමග අපරාධ කල්ලි වල වර්ධනයක්ද දක්නට ලැබුණා.
ඔවුන් මර්දනය කිරීමට අපේක්ෂකයින් ප්‍රතිඥා ලබාදීමත් සමග දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ ආකාරයයි දක්නට ලැබුණේ











