චිකන්ගුන්යා සහ ඩෙංගු රෝගය එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා පවසනවා.
මෙය මාරාන්තික නොවුණද කුඩා ළමුන් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සදහා අවධානමක් පවතින බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
එහිදී විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට උණ රෝගය වැළදී ඇත්නම් ඔවුන් පාසල් වෙත නොයවන ලෙසයි.