මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා
ඒ ජර්මනියේ මියුනිච්හිදීයි
එහිදී ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායම ගෝල 5ට 0ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයක් ලැබීමට පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම සමත් වුනා
මෙය වසර 70කට වැඩි චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලි ඉතිහාසයේ පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වුණා