අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ඒ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලදාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කර කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ස 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත නියෝග කළා.
එසේම විනිසුවරයා නියෝග කළේ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවටත් විනිසුරුවරයා නියෝග කර සිටියා.
ඉන් පසුව පැමිණිල්ල යළි ජනවාරි 23 වන දින කැඳවීමට නියම කරනු ලැබුවා.













